ආදරය යනු මෙලොව එකෙකුට තවකෙකුට දිය හැකි උතුම්ම ත්‍යාගයයි. එම උතුම් ත්‍යාගය දෙන්න කියලා ගිහින් අනතුරේ වැටුනු කට්ටිය බොහොමයි. ඊට හේතුව වන්නේ හුගක් වෙලාවට එකිනෙකා අතර ඇති අවබෝධයේ ඇති පුංචි අඩුපාඩුකම්. ඒ මොන අඩුපාඩුකම තිබනත් ඇත්තටම ආදරය කියන දේ තියෙනවනම්, මේ හැම දෙයක්ම අමතක කරලා සමගියෙන් ඉන්න ඕනේ. මම මේ කියපු දේට විරුද්ධ වෙන අය ගොඩක් ඇති. නමුත් ආදරය කියන්නේ ඇත්තටම ඒ වගේ දෙයක්.
කෙනෙක්ට ආදරය කිරීම වැරැද්දක් විදියට දකින මිනිස්සු සෑහෙන්න ඔබත් මාත් අතර ඉන්නවා. ඒකට හේතු අනන්තයි. අප්‍රමාණයි. කොහොම වුනත් ධර්මය පැත්තෙන් බැලුවොත් වගේම එදිනෙදා ජීවිතය පැත්තෙන් බැලුවත් කියවෙන්නේ වැරදි කිරීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක් කියලනේ. මෙහෙම කිව්වාට මිනිස්සුන්ට වඩා එහා ගිය වැරදි කරන උදවියත් ඉන්නවා. ඒත් අපේ බුදුරජාණන් වහන්සේ මෙන්ම වෙනත් ආගමික නායකයිනුත් කියන්නේ සැමට ආදරය කරන්න කියලයි. මොකද බුදු දහමේ කියවෙන පරිදි බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාටත් අනුකම්පා කරල තියෙනවා.
මේ විවිධාකාරයෙන් කිව්වත් අපි, තරුණයෝ විදියට ආදරය කියන දේ දකින්න පුරුදු වෙලා තියෙන්නේ අමුතු විදියකට. අපි ආදරයෙන් අන්ද වෙලා කිව්වොත් වැරදි නැහැ. ඒ හින්දා තමා අපි අකමැති දේවල් කරද්දි ඒ අයට වෛර කරන්න පුරුදු වෙලා තියෙන්නේ. කොටින්ම කියනවනම්, අපි ප්‍රිය විප්පයෝගය නිසා ඉබේම තවත් කෙනෙක්ට වෛර කරනවා. එතන අප්‍රිය සම්ප්‍රයෝගයක් නැති වෙන්න පුලුවන්. ඒ වුනත් වෛර කරනවා. සමහර විට මේ විදියට වෛර කරන්නේ කන්න නැති උනොත් ලුනුයි බතුයි කමුයි කියාගෙන හිටිය උදවිය. ඔය මගේ පන කියපු උදවිය. කවුරු මොනවා කිව්වත් ඔබ බුද්ධිමතෙක් නම්, ඒ වෛර කරන්නන්ට අනුකම්පා කරන්න. වෛරයෙන් කවදාවත් වෛරය නැති කරන බැහැ.
මිනිසත් බවක් අපිට ලැබෙන්නේ සෑහෙන කාලෙකින්. සමහර විට භාවයන් ගානකින් ආයි මේ වගේ අවුරුදු 80ක් ගත කරන්න නොලැබෙන්න පුලුවන්. ඒ අතර ඉබ්බෝ වෙලා අවුරුදු එකසිය ගනන් ඉන්න වෙන කාල තියෙන්න පුලුවන්. ඒ වගේම සතියෙන් දෙකෙන් මැරෙන ජීවිත හම්බෙන්න පුලුවන්. පොඩ්ඩක් හිතලා බලන්න. 2009 වසර වෙද්දි මේ උතුම් මිනිසත් බව ලබන්න කුසල් කරලා තිබ්බත් ඒ මිනිසත් භවය අවුරුදු 5කට අඩු, නැත්නම් මිනිසත් භවයේ කුසලයක් කරගන්න බැරි තරම් කාලයකදි වාර්ශිකව ජීවිතය අත ඇරලා යන උදවිය මිලියන 8.1ක්.
ඒත් ඔබ, අඩුතරමින් යමෙකුට ආදරය කරන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ආදරය කියන කුසලය කිරීමට අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ අවස්ථාව, ඝන වලකුලු වලින් වසාගෙන තව තවත් වෛර කරන්න සිතන්නේ නැතුව සැමට ආදරය කරන්න සිතාගන්න. ඔබට අද වෛර කරන්න අද ඔබේ ජීවිතය නැති කරලා දාවි. අපහාස කරාවි. ඒත් ඔබ හිතට එකගව දන්නවා ඔබ ඒ පුද්ගලයාට ආදරය කලා කියලා. ඒ බව ඒ පුද්ගලයාට කවදා හරි තේරේවි. දේවදත්ත තෙරුන්ටත් බුදුහාමුදුරුවෝ බැහැදකින්න අන්තිම මොහොතේදි උවමනා උනේ ඒ හින්දයි. හැබැයි ඒ තේරෙනකොට ඒ පුද්ගලයා පමා වැඩි වෙන්න පුලුවන්. දෙව්දත් තෙරුන්ට වුනා වගේ. එහෙමත් නැත්නම් ප්‍රමාද නැති වෙන්න පුලුවන්. අංඟුලිමාල වගේ. ඒ මොනා වුනත් වෛර කරන්නටත් ප්‍රේම කරන්න. එහෙම උනාම පස්සේ දවසක ඔබට පසුතැවෙන්නේ නැතුව ඉන්න පුලුවන්.

No comments:
Post a Comment